විශ්‍රාමික අගරදගුරු දේවාධර්මාචාර්ය අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් සිය රදගුරු අභිශේකයේ 52වැනි සංවත්සරය සමරනු ලබයි.

විශ්‍රාමික අගරදගුරු දේවාධර්මාචාර්ය අති උතුම් ඔස්වල්ඩ් තෝමස් කොල්මන් ගෝමිස් හිමිපාණන් අද දින සිය රදගුරු අභිශේකයේ 52වැනි සංවත්සරය සමරනු ලබයි.

ආසියාවේ වැඩිම වසර ගණනක් රදගුරු වරයකු වශයෙන් සේවය කරන උන්වහන්සේ එතරම් වසර ගණනවක් රදගුරු ධුරය හොබවූ ලොව තුන් වැනියාද වේ, තවමත් උන්වහන්සේ තම දේව සේවය දෙවිදුන් වෙත ලබාදෙනු ලබයි.

1968 වසරේ ජූලි මස 17 වන දින රදගුරු වරයෙකු වශයෙන් අභිෂේක ලබන අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් 1968 වසරේ සිට 1996 වසර දක්වා කොළඹ පදවියේ සහයක රදගුරු ලෙස කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව අනුරාධපුර පුර පදවියේ රදගුරු ලෙස 1996 සිට 2002 වසර දක්වා කටයුතු කරන ලදී.

2002 වසරේ සිට 2009 ජූනි මස 16 වැනිදා විශ්‍රාම ලබන තුරු කොළඹ පදවියේ අගරදගුරු ලෙස උන්වහන්සේ සේවය කරන ලදී.

කොළඹ විශ්ව විද්‍යලයේ උපකුලපතිවරයකු ලෙසද උන්වහන්සේ සිය දායකත්වය ලබා දෙයි.

1958 වසරේ පෙබරවාරි මස 02වැනිදා පූජකවරයකු ලෙස අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් අතින් පූජාත්වරය ලබන උන්වහන්සේගේ පූජක දිවියට මේ වනවිට වසර 62ක් සපිරේ.

කොළඹ පදවියට මෙන්ම ශ්‍රී ලාංකීය කිතුනු සභාවට ඉමහත් සේවයක් කළ අති උතුම් දේවධර්මාචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණනි ඔබට සුභාශිංෂන මෙලෙස ගෙන අතර දෙව්මව්න්ගේ රැකවරණය තුළ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු.

#RVASinhala | #RadioVeritasAsia

#RtRevDrOswaldGomis

Add new comment

13 + 6 =