පාලනයෙන් ගිලිහුණු චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට වැටේ.

පාලනයෙන් ගිලිහුණු චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට වැටේ.

පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රැඳී තිබූ ටොන් 21 ක් බර, මීටර් 30 ක පමණ දිග චීන රොකට් කැබැල්ල ඊයේ (9) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ඉන්දීය සාගරයට පතිත විය.

රොකට් කැබැල්ල ඊයේ (9) උදෑසන කාලයේ පෘථිවි වායු ගෝලයට ඇතුළු වී පහළට ඇදී ඒවි යැයි ගණනය කිරීම් කර තිබුණත් එය කොතැනට පතිත වේවිදැයි යන්න කල් තියා කීමට හැකියාවක් නොතිබුණි. ඒ අනුව බොහෝ දෙනා රොකට් කැබැල්ල ගැන විමසිල්ලෙන් පසු විය.

රොකට් කැබැල්ල කඩා වැටුණේ ඊයේ ( 9 ) මෙරට වේලාවෙන් 9.30 ට පමණය. ඒ බව පළමුවෙන් නිවේදනය කළේ චීන අභ්‍යවකාශ ආයතනයයි. වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම අභ්‍යවකාශ යානා සුන්බුන් කැබැල්ල ලෙස ද මෙම රොකට් කැබැල්ල සැලකෙයි.

චීනය 2022 දී සම්පූර්ණ කිරීමට නියමිත අභ්‍යවකාශ නැවැතුම් පොළක් නිපදවීම සිදු කරයි. ඊට අවශ්‍ය කොටස් උඩු ගුවනට ගෙන යෑම සිදු වන්නේ චීන ඉන්ජිනේරුවන් විසින් නිපදවනු ලැබ ඇති ලෝන්ග් මාච් රොකට්ටුවෙනි.

රොකට්ටුව ඉහළට යද්දී එහි කොටස් එකිනෙක පහළ සාගරයට වැටීම සිදුවන නමුත් එක් කොටසක් පාලනයෙන් ගිලිහී ගොස් පෘථිවි කක්ෂයේ රැදී තිබුණි.
(උපුටා ගැනීම ලංකාදීප පුවත්පත)

Add new comment

2 + 3 =