ඔක්සිජන් මිනිසා

ඔක්සිජන් මිනිසා

කොටිඩ් 19. වෛරස් රෝගය ඉන්දියාව තුළ විශාල ලෙස පැතිර යෑම හේතුවෙන් එරට රෝහල් සහ සෞඛ්‍ය ආයාතන ජනතාවට ඔක්සිජන් සැපයීමේ දැඩි අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දී සිටින මොහොතක මුම්බායි යි ජීවත් වන සනාටාස් සේක් නම් පුද්ගලයකු සිය සුඛෝපභෝගී මෝටර් රථය විකුණා ලබාගත් ඩොලර් ලක්ෂ විසි දෙකක මුදලෙන් එරට වැසියන්ට ඔක්සිජන් සිලින්ඩර් ලබා දුන් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

ඉන්දීය ධනකුවේරයන් කොවිඩ් රෝගය හමුවේ විදේශයන් වෙත පැනයමින් සිටින අවස්ථාවක සභාටස් සිය මෝටර් රථය විකුණා එරට දුගී ජනතාවට ඔක්සිජන් සිලින්ඩර් ලබාදීම හේතුවෙන් අද ඔහු ඔක්සිජන් මිනිසා (oxygen නිඕ විට ලිපිනයේ man) යන නමින් ලොව පුරා ක්‍රියාත්මක සමාජ මාධ්‍ය ජලායන්හි සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන සිටීම ද විශේෂත්වයකි. 

සනාටාස් සේක් නම් මෙම පුද්ගලයාගේ මිතුරාගේ බිරිඳ කොවිඩ් රෝගය වැළඳී ඔක්සිජන්
නොමැතිව ජිවිතක්ෂයට පත් වූ මොහොතේම තමා මෙම තීරණය ගත් බව ඔක්සිජන් මිනිසා විදෙස් මාධ්‍ය හමුවේ පවසා ඇත. 

සිය මිල අධික සුඛෝපභෝගී මෝටර් රථය ඩොලර් ලක්ෂ 22 කට විකුණා ඔක්සිජන් සිලින්ඩර් එකසිය හැටකට වැඩි ප්‍රමාණයක් මිලදී ගත් මේ අපූරු ඔක්සිජන් මිනිසා එය මුම්බායි වාසීන්ට ලබා දෙමින් අරම්භ කළ මහඟු සමාජ සත්කාරය මේ වන විට 'උපකාරක සේවයක්' දක්වා වර්ධනය කිරීමට තවත් පිරිසකගේ සහාය ලැබී තිබීම ඉන්දීය දිළිඳු ජනතාවගේ ජීවත් වීමේ බලාපොරොත්තු ඉහළ නන්වන්නක් බවට පත්ව තිබේ.

 

Add new comment

2 + 6 =