ඉන්දියාවේ මනිපූර්හි දී ජේසු නිකායික මිෂනාරිවරුන්ට ප්‍රහාරයක්

ඉන්දියාවේ මනිපූර්හි දී ජේසු නිකායික මිෂනාරිවරුන්ට ප්‍රහාරයක්...

මනිපූර් හි මොයිරාන්ග් අසල මැයි 3 දා පැවති මනිපූර් ප්‍රචණ්ඩත්වය අතරතුර මිනිසුන් පිරිසක් ජේසු නිකායික මිෂනාරි පියවරුන් පස් දෙනෙකුට සහ ශිෂ්‍යයෙකුට පහර දී ඇත.

ඇසින් දුටු සාක්ෂිකරුවෙකුට අනුව, ජේසු නිකායික පූජක බොනි පියතුමා, මෙල්වින් පියතුමා, ස්ටීවන් නාවලක් පියතුමා, ෆීලික්ස් මෝවි පියතුමා සහ ෆෙසාමා හි ශිෂ්‍යයෙකු ප්‍රදේශයේ නිවසක් ආශිර්වාද කිරීමෙන් පසු මොයිරාන්ග් වෙත ආපසු යමින් සිටියදී මැර පිරිසක් විසින් නතර කරන ලදී.

බීමතින් සිටි මැර කල්ලියේ සමහර සාමාජිකයන් මොවුන්ට පහර දුන්නේ ඔවුන් පැන යාමට උත්සාහ කරන බව සිතූ නිසා බව කියැවේ.

ඔවුන්ගේ ජීප් රථයට ගිනි තැබීමෙන් පසු පිරිස ළඟම ඇති පිට්ටනියට පැන ගියහ. නමුත් මැර පිරිසේ සමහර සාමාජිකයන් තමන් පහර දී ඇත්තේ පූජකයන් පිරිසකට බව වටහාගෙන ඔවුන් අසල පිහිටි නිවසකට රැගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, ස්ටීවන් නාවුලක් පියතුමාගේ නළලට තුවාල සිදුවී ඇති අතර ඔහු රෝහල් ගත කර ඇත.

මනිපූර් ප්‍රදේශය කඳුකර හා නිම්න ප්‍රදේශ වලට බෙදා ඇත. ප්‍රාන්තයේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 90 කින් සමන්විත කඳුකර ප්‍රදේශ, නාග සහ කුකී-චින්-මිසෝ හෝ සෝ ජනවාර්ගික ගෝත්‍රිකයන් වාසය කරයි. ගෝත්‍රික නොවන අය, එහෙමත් නැතිනම් මේටෙයි, නිම්න ප්‍රදේශවල ආධිපත්‍යය දරයි.

අප්‍රේල් 19 දා මනිපූර් මහාධිකරණ නියෝගයෙන් පසු ප්‍රාන්තයේ මේටෙයි ප්‍රජාව උපලේඛනගත ගෝත්‍ර (ST) කාණ්ඩයට ඇතුළත් කිරීමේ ඉල්ලීමට විරෝධයක් ලෙස “සහයෝගීතා පාගමන” සංවිධානය කරන ලදී.

මෙමඟින් සංවර්ධනය නිසා තැනිතලාවේ වාසය කරන මේටෙයි ප්‍රජාව සහ කඳුකර ගෝත්‍රිකයන් අතර පැරණි ජනවාර්ගික භේදයක් නැවත විවෘත කර ඇත.

බදාදා පස්වරුවේ, චුරාචන්ද්පූර් දිස්ත්‍රික්කයේ සංවිධානය කරන ලද රැලිය ප්‍රචණ්ඩත්වයට පත් වූයේ, විරෝධතාකරුවන් බිෂ්නුපූර් දිස්ත්‍රික්කයට මායිම් වූ ප්‍රදේශයක මිනිසුන් පිරිසක් සමඟ ගැටීමත් සමඟය. නාඳුනන සැකකරුවන් කිසියම් පිරිසකට අයත් නිවාසවලට ගිනි තබා ඇත.

ඉම්පාල් අගනුවර ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක වරින් වර ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා විය.

රජය විසින් දිස්ත්‍රික්ක 16 ක ඇඳිරි නීතිය පැනවූ අතර, නැවත නියෝග ලැබෙන තෙක් දින පහකට ජංගම අන්තර්ජාල සේවා අත්හිටුවා ඇත. රජය අන්තර් ප්‍රාන්ත ගමන් තහනමක්ද පැනවීය.

Add new comment

4 + 8 =