ශාන්ත පාවුළු තුමන්ගේ  පැවිදි නිකායේ නව නිල මණ්ඩලයට ආසියාතිකයින් දෙදෙනෙකු ඇතුළු නව නායකත්ව කණ්ඩායමක් තෝරා ගනී. 

 ශාන්ත පාවුළු තුමන්ගේ  පැවිදි නිකායේ නව නිල මණ්ඩලයට ආසියාතිකයින් දෙදෙනෙකු ඇතුළු නව නායකත්ව කණ්ඩායමක් තෝරා ගනී. 

භාග්‍යවත් ජේම්ස් ඇල්බේඉයෝන් තුමන් විසින් ඉතාලියේ ආරම්භ කරන ලද ලෝක ව්‍යාප්ත ශාන්ත පාවුළු තුමන්ගේ  පැවිදි නිකායේ නිල මණ්ඩලයට අලුතින් තේරී පත් වූ අය අතර ආසියාවේ කතෝලික පූජකවරු දෙදෙනෙක් ද වෙති.
මෙම සංගමයේ විශේෂත්වය වනුයේ මෙහි සාමාජිකත්වය දරණ සැම සමාජ සන්නිවේදනය හරහා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කිරීමට කැපවී සිටිමයි.

ඉතාලියේ අරිච්චා  හි පැවති ශාන්ත පාවුළු සංගමයේ එකොළොස් වන මහා නිලවරණයේ දී , 56 හැවිරිදි,ගරු. ඩොමෙනිකෝ සොලිමාන් පියතුමා නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ලෙසත්, එහි නිර්මාතෘ සහ පළමු ශ්‍රේෂ්ඨාධිපති පියතුමා  වන භාග්‍යවත් ජේම්ස් ඇල්බේඉයෝන් තුමන්ගේ 8 වැනි අනුප්‍රාප්තිකයා ලෙසත් තේරී පත් වී ඇත. එලෙස ගරු. 
සොලිමන් පියතුමා ජූනි 15 වැනි දින තම නිකායේ ඉහළම තනතුරට තේරී පත් විය.

1966 ජූනි 2 වැනි දින ඉතාලියේ වින්චෙන්සා හි උපත ලැබු එතුමන් 1977 සැප්තැම්බර් 20 වැනි දින වයස අවුරුදු 11 දී වින්සෙන්සා හි ශාන්ත පාවුළු පැවිදි නිකායට ඇතුළු විය. ඔහු සිය පළමු පැවිදි පොරොන්දු1986 සැප්තැම්බර් 8 වැනිදාය. අල්බානෝ ලසියාලේ හි ද,1992 සැප්තැම්බර් 7 වන දින රෝමයේදී ඔහුගේ අවසන් පැවිදි පොරොන්දු දෙන ලද්දේය. ඔහු 1995 සැප්තැම්බර් 30 වැනි දින  වින්චෙන්සා හිදී පැවිදි දිවියට ඇතුළු විය.
ඔහු වර්ශ 2018 දී ශාන්ත පාවුළු පැවිදි නිකායයේ මහලේකම් ලෙස තේරී පත් වූ අතර, මේ වනතෙක් එම නිලය හොබවන ලදි. 

පසුගිය ජූනි 16 දින පවත්වන ලද මහා නිලවරණයේ දී   පහත සඳහන් පියතුමන්ලා උපදේශක මණ්ඩලයට තේරී පත් විය: 
01.පෝලන්ත ජාතික ගරු බෝගුස්ලාව් සෙමන් පියතුමා.
02.ඉන්දියානු ජාතික ගරු ජොන්සන් වට්ටකුන්නෙල් පියතුමා.
03. බ්‍රසීල ජාතික ගරු වැල්ඩසර් උවෙඩ පියතුමා.
04.ඉතාලි ජාතික ගරු ලොරෙන්සෝ වෙට්සනි පියතුමා.
05.පිලිපීන ජාතික ගරු ජොවෙන් ජෝසේ ලග්ඩමෙන් පියතුමා.
06. මෙක්සිකෝ ජාතික ගරු ජෝසේ අන්ටෝනියෝ පිමියෙන්තා පියතුමා.

ශුද්ධ වූ පාවුලු තුමන්ගේ නිකායට සබැදි අනෙකුත් ආගමික සභා තුන ඉන්දියාවට අමතරව ජපානය, දකුණු කොරියාව, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං, තායිවානය, පකිස්ථානය සහ තායිලන්තය වැනි අනෙකුත් ආසියානු රටවල ද පවතී. 
රේඩියෝ වෙරිටාස් සිංහල සේවයේ අපගේ සුබ පැතුම්...!
- ඇල්ෆොන්සෝ එලෙංගිකල්

#RVANews #RadioVeritasAsia #RVASinhala

'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!

Add new comment

3 + 10 =