අපේ වැඩිහිටියන් ආරක්ෂා කරගනිමු.

"අද, මම කැමතියි යම් ආකාරයකින් ගෙවල් වල හුදකලා උනු, බයවෙලා ඉන්න වැඩිහිටියන් වෙනුවෙන් යාච්ඤා කරන්න; ඔවුන් අපිට ප්‍රඥාව, ජීවිතය වගේම අපේ ඉතිහාසය අපිට ලබා දුන්නා. අද අපි ඔවුන් ආරක්ෂා කරමු, යාච්ඤාවෙන් ඔවුන් ළඟ සිටිමු." ෆ්‍රැන්සිස් පාප්තුමන් ඊයේ (17) උදෑසන දිව්‍ය පූජාවේ දී මෙසේ ප්‍රකාශ කළේ ඉතාලියේ මෙන්ම මුළු ලෝකයේම කොරෝනා වෛරසයේ ප්‍රධානම වින්දිතයන් වන වැඩිහිටියන් සිහි කරමිනුයි.

මෙවන් අවස්ථාවක වැඩිහිටියන් ආරක්ෂා කරගනිමු.

කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගී තත්ත්වය වැඩිපුරම බලපානු ලබන්නේ වැඩිහිටි පුද්ගලයන්ටය. වයසින් අඩු පුද්ගලයින් සඳහා මෙය ඇති වීමේ අවදානම අඩු වුවද, වයසින් වැඩි අයට මෙය වැළඳීමේ අවදානම හා රෝගය මාරාන්තික වීමේ ප්‍රවණතාවය වැඩි වේ.

ඒ අතරින්
✅හෘද රෝගීන්
✅දියවැඩියා රෝගීන්
✅දීර්ඝකාලීන ස්වසන ආබාධ සහිත රෝගීන්ට මෙය වැළඳීමේ අවදානම ඉතාමත් වැඩිය.

ඔබට දන්නා කියන සියලු වැඩිහිටි පුද්ගලයින්ට මේ පිළිබඳව දැනුවත් කරන්න. මෙවැනි අවස්ථාවකදී ඔවුන් අනවශ්‍ය බියකින් පසු වනු වනු ඇත. සමහර නිවෙස් වල වැඩිහිටි පුද්ගලයින් තනිව වාසය කරමින් ජිවත් වේ. දුරකතනය මඟින් ඔවුන්ව හැකි තරම් දැනුවත් කරන්න. ඒ ඔබේ මව, පියා හෝ නෑදෑ වැඩිහිටියෙකු විය හැක. ඔබත් ආරක්ෂාකාරී වන ගමන් ඔවුන්වද ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න.

#Covid19 #ProtectElders
#CoronaVirus

Add new comment

3 + 5 =

Please wait while the page is loading